Monday, July 17, 2017

පළමු කාල පරිච්චේදය ආරම්බ  විය. මා බෑගය තුලවූ පොත් එලියට රැගෙන පාඩමට සුදානම් විය . එහෙත් සිත පාඩම තුල තබා ගැනීමට නොහැකි විය. මා කෙසේ හෝ මගේ සිතට තරවටු කරමින් එක තැනම තබා ගැනීමට සිතට නැගෙන්නේ උදැසන බස් රථයේ මගේ සවනට ඇසුණු ගීතයයි.

" ඒයි මොකද බන් මනෝ ගහලා ! පාඩම අහන ඉන්නේ නැද්ද අද උබ.."
 
  නිමාෂා මගේ අතට ගහන ගමන් මගෙන් ඇසුවේ තරහ මුසු ස්වරයෙනි.ඇය  මගේ කුඩා කල පටන්ම මිතුරියක් වුවාය.මා තර්ක ශාස්ත්‍රය තිබෙන කල පරිච්චේදයේ මා ය ලගින් ඉදගත්තේ  ඇය සමග විහිලු තහළු කීරීමට හැකි නිසාය. ඇය මා ගැන හොදින් දන්නා අයෙකි. ඒ නිසාම මගේ සුළු වෙනස් වීමක් පවා ඇයට හොදින් වටහා ගැනීමට හැකි නිසා දැන් නම් ඇගේ ප්‍රශ්නයෙන් පනින එක ලේසි වන්නේ නැති බව මා එක ලෙසම දන්නේය.

  " නැහැ නැහැ හලෝ මන් මේ ගාණ හදන්නේ කොහොමද කියල  බැලුවේ "

මා ඇයට  බොරුවක් ගොත කීවේ ඇගේ ප්‍රශ්න කීරීමෙන් බේරීමට  නමුත් එයින් කිසිදු පලක් නොවිය.

   "අ ආ ඇත්තද උබ ඔය කියන්නේ ඊයේ උබ ලේසි ලේසි කියල හදපු වියුත්පන්න ගාණම නේ මේ තියෙන්නේ, මේ බලපන්කො මේකට මිස් හරිත් දාලනේ, අනේ යකෝ !උබ මටද කොලේ වහන්නේ ඉන්නකෝ පීරියඩ් එක ඉවර උනාම ඇවිත් මන් අල්ලගන්නම්කො ඔයාව.

අද නම් ඉවරටම ඉවරයි  යන හැගීම මගේ සිතේ දෝංකාර දුන්නේය.













No comments:

Post a Comment

මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්

"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන  හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය  යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තිය...