Monday, July 31, 2017

සෙනහසේ නවාතැන හද මන්දිරේ දොරකඩ ඉදන් ලියමි මගේ කුලුදුල් නව කතාව .විදින්න අසයි නේද ආදරේ එහෙ නම් විදින්න හැබැයි විදවන්න එහෙම නැ  .
සට්ටයි මා දන්නවා මගේ අදර කතව ඔයාල ආදරෙන් වැලද ගන්න බව

  රැදීසිටින්න ආදරයේ නවතන් පොලත් සමග .

 මං අදරේ ගැන කියල දෙන හංසි .

කාවින්ද්‍යා හා මා ගැන කිවහොත් අප දෙදෙනාව පාසලේ හැදුනුවේ ඩාන්සින් ස්ටාර්ලා යනුවෙනි .මොකද අපි දෙන්න තමයි ඉස්කෝලේ ලස්සනටම නටන කෙල්ලෝ දෙන්නා .අපේ නැටුම් මිස් අපි දෙන්නට ආදරෙත් ඒ නිසමි මිස් කියන්නේ නර්තනය කියන්නේ කාන්ත හදවතත් එක්ක බදිච එක්කක් කියල .අපි ඒ නිසා අපේ හදවතින්ම නර්තනය යෙදෙන්න ඕනේ  කියලය .හදවත පිරිසිදු  වුනාම සරස්වතී දෙවියන්ගෙන් ආශීර්වාද ලැබෙනවා කියල අපිට නිතර කියන නිසා අපි බොහොම ලෙන්ගතු කමකින් හා භක්තියකින් නර්තනයේ යෙදෙන  නිසා නැටුම් මිස් හැමදාමත් අපට බොහොම ලෙන්ගතු කමකින් ශිල්ප ඉගැන්නුවේය අපේ නර්තන කණ්ඩායම අනිත් ඒවාට වැඩ වෙනස් වන්නේ අප කණ්ඩායම සතු නිහතමානී බව හා සතු හැකියාව නිසාවෙනි .

    "  ආ ! ඔය දෙන්නත් ආව  එක හොදයි අපිට ෂෝ එකක් තියනවා මේ මාසේ අන්තිම එක  තියෙන්නේ අපේ ඉස්කෝලෙයි සහෝදර පාසලයි එකතු වෙලා තමයි කරන්නේ .ඉතින් අද ඉදන් අපිට ඒ ඉස්කෝලෙට යන්න වෙනවා මොකද එහෙ තමයි අපිට ඩාන්ස් එක පුරුදු වෙන්න තියෙන්නේ .දැන් ඔයාල පන්තිවලට යන්න ගිහින් පන්ති භාර මිස්ට කියල 9.00 වෙද්දී අපේ ඉස්කෝලේ බස් එක ගාවට එන්න හැමෝම "

Monday, July 24, 2017

නිවේදනය ඇසු පරිද්දෙන් මගේ මුවේ හිනාවක් ඇදුනේ පීරියඩ් කට් කිරීමට නියම අවස්ථාවක් ලැබුනේ නිසාවෙනි .විශේෂයෙන්ම ඉංගිරිසි පීරියඩ් එක කට කිරීමට මටමහත් සැනසීමක් වුයේ  මා ඉංගිරිසි ගෙදර වැඩ නොකළ නිසාවෙනි . මා විගහට නැටුම් කාමරය වෙත දිවගියා ය .මා එහි යන විටත් කාවින්ද්‍යා එහි පැමිණ සිටිනවා දැක ම පුදුමයට පත් විය .

      " උබ කොහෙන්ද බන් අවේ "

"මං අවේ කලගයට ගිහින් එන ගමන් හිටියේ බං  එතකොටමයි මට එනෞස්මෙන්ට් එක ඇහුනේ ඒ ගමන් මයි මන් අවේ ."

    කලාගාර ලෙසින් අප හදුන් වන්නේ අපේ ඉස්කෝලේ ජෙෂ්ට අංශයට ඇති වැසිකිලි වලටය .මොකද අපි වැඩි හරියක් ගත කරේ එම ඉස්තනයේ නිසාය .
 
                "ආ ආ  හරි බං යමු යමු මං  හිතන්නේ මොකක් හරි ෂෝ එකක් වෙන්න ඇති නේද ? අපිට හදිස්සියේ එන්න කිවුවේ '

Wednesday, July 19, 2017

මා  කෙසේ හෝ සිත එක තැන් කරගෙන පාඩමට සවන් දුන්නේ මිස් දුන්න හැම වියුත්පන්න ගානක්ම පැන පැන  හදමින්ය .

                " අපේ පංති  නායිකාව හරි දක්ෂයනේ A3 දායි  කියලා මට නම් ෂුවර් හැබැයි විභාගේ ලියන වෙලාවට ප්‍රශ්නේ හරියට කියවල සිහිකල්පනාවෙන් ලියන්න ඕනේ ඇහුනද ළමයෝ "

මිස් මගේ දෙස බලන ගමන් පැවසිය . මා  අහිංසක සිනහවක් පාමින් ඇයට ස්තුතිය පුද කෙරුවේය .  අපේ තර්ක ශාස්ත්‍ර උගන්වන ගුරුවරියගේ නම මංජුලා තිලකවර්දනය අපි ආදරේට ඇයට පැවසුයේ මංජු කියාය .පාසලට පැමිණි පළමු වසරේම ඇයට හමු වූ  පළමු බැච් එක අපි වූ නිසා අපිට බෙහෙවින් ආදරේ කිරීමට  පෙලබුනේ ඒ නිසාය .  ඇයගේ  පන්ති නායිකාව  වුයේ මා  නිසා  ඇය  මට බෙහෙවින් කරුණාව හා සෙනහස දක්වුවය .කෙසේ වෙතත් ඇය සමහර අවස්ථා වලදී පිස්සු හොල්මන කියපවසු වාරද අනන්ත ය .එසේ පවසන්නේ ම අපේ ඉස්කෝලේ ඉන්න පුසට බයවී ඩෙස්  පුටු උඩ නැගල කා ගසන නිසාවෙනි .එවිට අපේ පන්තියේ අනිත් ළමයිනුත් එයට හවුල් වී මට ඇති තරඟ විහිලු කරන්නේය .පළමු  කලපරිචේදය අවසාන වනවාත්  සමගම පාසල් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නිවේදනයක් දෙනු ලැබුවේය .

      "පාසල් නර්තන කණ්ඩායමේ සිටින ළමුන් වහාම නැටුම් කාමරය වෙත පැමිණෙන්න "

Tuesday, July 18, 2017

හිරිමල් හිනාව ඇවිදින් ම නිල නෙතු අතරේ රැදිලා
 බොරුවක් නෙමෙයි මගේ කිවා
 පෑ සිනාව දැකලා තරු මල් බිමට බැහැල
ආදරේ ලගම මන් ගිහින් නවතාල ජිවිතේ
 පැතුම හිනයක තවරලා

සංසර මාවතේ දුර ඈත හමුවෙමින් කවියක් වගේ හිත
මතකයේ හැංගිලා හිත අද්දර ඉදන් හිතවත් වෙන්න හිතුව එදා ඔය ජිවිතේ
මගේ විතර නම්
මං ආදරෙයි සෙනෙහෙන් සදා

Monday, July 17, 2017

පළමු කාල පරිච්චේදය ආරම්බ  විය. මා බෑගය තුලවූ පොත් එලියට රැගෙන පාඩමට සුදානම් විය . එහෙත් සිත පාඩම තුල තබා ගැනීමට නොහැකි විය. මා කෙසේ හෝ මගේ සිතට තරවටු කරමින් එක තැනම තබා ගැනීමට සිතට නැගෙන්නේ උදැසන බස් රථයේ මගේ සවනට ඇසුණු ගීතයයි.

" ඒයි මොකද බන් මනෝ ගහලා ! පාඩම අහන ඉන්නේ නැද්ද අද උබ.."
 
  නිමාෂා මගේ අතට ගහන ගමන් මගෙන් ඇසුවේ තරහ මුසු ස්වරයෙනි.ඇය  මගේ කුඩා කල පටන්ම මිතුරියක් වුවාය.මා තර්ක ශාස්ත්‍රය තිබෙන කල පරිච්චේදයේ මා ය ලගින් ඉදගත්තේ  ඇය සමග විහිලු තහළු කීරීමට හැකි නිසාය. ඇය මා ගැන හොදින් දන්නා අයෙකි. ඒ නිසාම මගේ සුළු වෙනස් වීමක් පවා ඇයට හොදින් වටහා ගැනීමට හැකි නිසා දැන් නම් ඇගේ ප්‍රශ්නයෙන් පනින එක ලේසි වන්නේ නැති බව මා එක ලෙසම දන්නේය.

  " නැහැ නැහැ හලෝ මන් මේ ගාණ හදන්නේ කොහොමද කියල  බැලුවේ "

මා ඇයට  බොරුවක් ගොත කීවේ ඇගේ ප්‍රශ්න කීරීමෙන් බේරීමට  නමුත් එයින් කිසිදු පලක් නොවිය.

   "අ ආ ඇත්තද උබ ඔය කියන්නේ ඊයේ උබ ලේසි ලේසි කියල හදපු වියුත්පන්න ගාණම නේ මේ තියෙන්නේ, මේ බලපන්කො මේකට මිස් හරිත් දාලනේ, අනේ යකෝ !උබ මටද කොලේ වහන්නේ ඉන්නකෝ පීරියඩ් එක ඉවර උනාම ඇවිත් මන් අල්ලගන්නම්කො ඔයාව.

අද නම් ඉවරටම ඉවරයි  යන හැගීම මගේ සිතේ දෝංකාර දුන්නේය.













Friday, July 14, 2017

වෙනදා මෙන්ම පුරුදු දඟකාර හුරතල් හීනාව පැමිණ මා පංති කාමරයට ඇතුළු වුයේ හැමෝටම සුබ උදාසනක් යැයි සුබ පතමිනි. පංතියේ සැවොම මගේ දගකාර කමට හා හුරතල් කමට බෙහෙවින් ප්‍රිය කළාය. ඔවුන් නිතරම මා හට සැලකුවේ කුඩා ළමයෙකුට සේය. 

                 

                       "අම්මෝ! අද මේකිගේ ලස්සන කොල්ලෙක් වත් සෙට් වෙයිද  ද දන්නේ නැහැ අද මෙයට."  


මල්ෂා මගේ කම්මුල මිරිකන ගමන් පැවසුවේ ඇත්තෙන්ම අවංක අදහසින් බව මම දැන සිටියාය.නමුත් මට ඇය  අවසානයට කියූ දේට නම් සිනා ගියේය.


                       "මට කොල්ලෙක් සෙට් වෙන්න. අනේ නිකන් හිටහන් බන් කොල්ලෝ සේරම එකයි.හරි මට උබම කියපන් හොද කොල්ලෙක් ඉන්නවා ද, අද මේ සමාජයේ බෙහෙතකට වත් හොයාගන්න. 


මම ඇගිල්ල දික් කරමින් මල්ෂා ට අභියෝග කෙරුවෙමි.


                       "එකත් ඇත්ත තමයි  කෙල්ලේ නමුත් අතේ ඇගිලි පහම එක වගේ නෑනේ............වෙනස් අයත් ඇති  මේ ලෝකේ උබටත් කවදාහරි හම්බවේවි කෙල්ලේ.  එදාට  ඇවිත් මේ මල්ෂා ට කියන්නකෝ. 


ය කියූ දේට මට බස් රථයේදී ඇසුණු ගීතයේ කොටසක් මතක් විණි. මා එය කෑගසා පන්තියට ඇසෙන්නට ගයන කල විට පන්තියේ ළමුන් මගේ දෙස බල සිටියේ මා හරියට යමක් ජයග්‍රහණය කල අයකු මෙන් දිස් වන නිසාවෙනි.


                      " දහසක්  මල් මැද එකම මලයි පැතුවේ"


මා එය සිතෙන් නැවත නැවතත් කියමින් සිතුවේ මා හටත් ඒ ආකාරයෙන්ම සිතන කෙනෙකු ලැබේවායි  හදවතේ සියුම් කොනක පැතුමක් පතමිනි.

පින්න වැටි අලංකාර වී ගිය හිමිදිරි උදැසන අද වෙනදාටත් වඩා ලස්සන යැයි  මගේ හදවතට දැනුනේ ආදරණිය පණිවිඩයක් ද හිතට හිමිහිට ඇතුළු කරමිනි .සිතුවිල්ල ගැන සැලකිල්ලට මම නොගෙන පාසල් නිල ඇදුමත් කඩිමුඩියේ ඇගලාගෙන ගෙදරින් එලියට ගියේ ටිකක් ප්‍රමාදවී තිබුන නිසාමය. මා පැමිණෙන විටම බස් රථයද පැමිණි හෙයින් මා හට සතුටක් ද දැනුනි . සෙනග අස්සෙන් රිංගා ගොස් මා කෙසේ හෝ බස් රථයට නැග්ගෙමි.
"උන්මාද සිතුවම් මවෙය් දිළි
         මිහිදුම් වලා මැද  අතීතයේ
 බිදුණු පෙමින් ගිනි ගත්  හදවත්
          තනිවේ එක්ටම්ගේ "
බස් රථයේ විකාශනය වෙමින් පැවතුනු ගුවන් විදුලියෙන් නික්මෙන එම ගීතය මගේ හදවත එකතැන නතර කරවන්නට සමත් විය .මා මගේම සිත ලග නැවතී කල්පනා ලෝකයට වැටෙන්නට ගත්තේ එම ගීතයේ ඇති එක් පද පේළියකට මගේ සිත සසල කරවීමිට සමත් වූ නිසාය. එහි ඇත්තේ බොහෝ පිරිමින්ගේ මුවෙන් නොකිවෙන දෙයකි. "දහසක් මල් මැද එකම මලයි  මා  පැතුවේ" විෂමාකාර ලෝකයේ සෙල්ලෙන අදහස් අතර නොසෙල්වෙන අදහසක් එම ගීතයේ ගගැබ්ව ඇති බව මට හැගුණි. ඇත්තෙන්ම මට සිතුනේ එලෙස සිතන පිරිමි හදවත් මේ සමාජයේ සිටිනවද යන්නයි. එම ප්‍රශ්නය මම සිත තුලම නවතාගෙන වට පිට බැලුවේ මා බසයෙන් බැසිය යුතු නියමිත ස්ථානයට ආ බව වැටහීමෙන්ය. මා බස් රථයෙන් බැස හිමිහිට පාසැල වෙත ඇවිදගෙන ගියේ නිල ඈදුම පිළිවෙලට සකස් කරමින්ය.පාසැලට  ඇතුළු වූ පසු සිතට දැනෙන්නේ පුදුම තරම් වූ ගෞරවයක් මුසු හැගීමකි. ඒ අස්සෙන්න්ම දගකාර කමක් කීරීමට අර අදින දග සිසුවියන්ගේ සිතුවිලි පොදී ගැහීමෙන්  දගලන්නේය.මාද ඉන් එකෙකු අතරට අයත්ය.පාසලට පැමිණි විට පළමුව පෙනෙන ආදරණීය පිළිරුව දෙස මා මද වෙලාවක් බලා සිටියේ එහි ඇති ශ්වේත වර්ණය පිළිරුවේ ඇති කාන්තාවගේ පිරිසිදු බව විදහාපාන නිසාවෙනි.

වෙනදටත් වැඩ හොදට හිරු මෝදුවී උදැසන මුළු පරිසරයම අමුතු ආලෝකයකින් පිරි තිබිණි . සිතට අමුතු පිරිතිමත්  බවක්  දැනුනේ ඇග  කිතිකවා යන හිරු ගේ රශ්මියත් සමගය .සදාතනික නිකැළැල් ප්‍රේමයේ  ආරම්බය  මේ සුන්දර  දිනියේ සිදුවේ යි මම කෙදිනකවත් නොසිතුවෙමි .එය අහම්බයකි . සත්‍යයෙන්ම එය පියවි ඇසෙන් මා දකින හීනයක්ද කියා විටක මට සිතිනි .තමත්ම ඔහු යනු රුපයක්ද,නැතහොත් හීනයෙන්  එන  ලස්සනම ලස්සන දගකාර නපුරු හිතුවක්කාරයෙක් දැ ද මට විශ්වාස නැත .විටක මම ඔහුව අල්ල බලන්නේ සත්යෙන්ම ඔහු මගේමද ,  පියවි ලොවේ සිටින ජීවියෙක් ද කියා සැක   හැර  දැනගැනීමටය .ඔහුව හමු උ ද සිට අද දක්වා මා  ඔහුට බෙහෙවින් ආදරෙය කලෙමි .මි මතුදෙසේම ඔහු වෙනු වෙන්  ආදරෙය කරමි .අත්‍යන්තයෙන්  නැගෙන හදවත් රන්ගයකි  මේ ප්‍රේමය නැවතුමක් ම කෙදිනකවත් බල[පොරෝතුවන්නේ නම්  නැත .හුදෙක්  මෙය නොනැවතී  ගමන් කරන ජිවන චක්‍රයක තවත් එක කොටසකි නැත, එය මගේ ආත්මයි , මගේ සසර කෙලවර වනතුරු මේ ආදරේ සදා නොවෙනස්ව පවතින බවට ම ඉදුරා ම විශ්වාස කරමි .

තවත් කොටසකින් ආදරේ හමුවෙමු . 


ආදරය යනු, විදවිමක් නොව මුළු ආත්ම සන්දර්බයෙන්ම විදිමකි ............

Thursday, July 13, 2017

මොහොතකට ඇස් පියාගන්න බලන්න දැනෙනවද කියලා  නිහඩ සිතුවිල්ලක් , ඇහෙනවද දෝංකාරය හදවතේ. ලප් ! ඩප් ! සද්දේ ඒ වෙන දෙයක් නිසා   නොවෙ, සද්දේ අපේ දෙසවනටම ඇහුනේ ඔයාගේ හිතට ආදරේ කියන   ලස්සන අහංකාර සිතුවිල්ල  ඇවිත් බයවෙන්න එපා එක  ලස්සන එක හීනයක්  ....................................!                 

මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්

"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන  හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය  යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තිය...